෴වළාකුළ෴

සිංහල තොරතුරු තාක්ෂණික විකේතනය....

මා කිසිවිටෙක මෙවැනි ලිපයක් මෙහි නොලියන්නට නොසිතා සිටි මුත් මෙම මස සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව සදහා ඔවුන්ගේ නිල නිවේදනය යටින් යොදා ඇති යම් යම් අදහස් නිසා ආධුනික පරිගණක භාවිතා කරන්නන් මෙන්ම මතුවට ලංකාවේ බිහිවන ශ්‍රීලාංකික පරිගණක සමාජය උදෙසා මෙම ලිපිය නොලිය ම බැරි බැවින් ලිවීමට සිතුනෙමි.

 

එහි යොදා ඇති සමහර අදහස් නම් අතිශයින්ම ඛේදනීයය,සුහද හමුව සදහා Microsoft Sri Lanka සමාගම අනුග්‍රහය දැක්වීමේ කිසිදු වැරැද්දක් නොමැති බව මා තරයේම ප්‍රකාශ කරමි.මේ සදහා ලාංකාවේ නිදහස් හා විවෘත මෘදුකාංග මත සම්පූර්ණයෙන්ම පාහේ පදනම් වූ සමාගමක අනුග්‍රහය ලබා ගැනීමට හැකි නම් එහිද කිසිදු වැරැද්දක් නොමැති බව මා කීමට කැමතියි.

පරිගණක භාවිතා කරන්නන් ලෙස පරිගණක විද්‍යාවට මහගු මෙහෙයක් කල අය වෙත අප කෘතඥ පූර්වකව බැලීමේ අත්‍යයන්ත අවශ්‍යතාවයක් ඇති බව අප කවුරුත් පිලිගත යුතුය.ඔවුන් එවැනි විශිෂ්ඨ නිර්මාණ එදා බිහිනොකලා නම් ඔවැනි මුග්ධ මිනිසුන් අද වන විටත් පරිගණකයක් අතින් වත් අල්ලා නොතිබීමට හොදටම ඉඩ තිබෙන බව පසක් වේ.මෙවන් මිනිසුන් අතර Bill Gates,Linus Toravalds,James Gosling වැන්නවුන් සිටින බව මා මතක් කරමි.Microsoft සමාගම පරිගණක විද්‍යාව වෙනුවෙන් සිදු කරන මෙහෙය ලොව අන් කිසිදු පරිගණක සමාගමකට සම කල නොහැකි බව මාගේ හැගීමයි.ඔවුන් ව්‍යාපාරික අරමුණකින් යම් යම් දේ සිදු කරන්නේ ඔවුන්ගේ ස්ථායිතාවය පවත්වාගැනීම සදහා බව මැනැවින් පෙනී යයි.මෙලෙසම Sun Microsystems,Canonical,Oracle වැනි ප්‍රධාන පෙලේ සමාගම් ද මේ ගණයට වැටෙන බව හොදින් බැලූ කල පෙනී යයි.මොවුන් එසේ කටයුතු නොකලේ නම් ඔවුන් යටතේ සේවය කරන,ඔවුන්ගෙන් සෘජුව හා වක්‍රාකාරව යැපෙන මිනිසුන් ගේ බඩවියත රැක ගැනීමට සහය වන්නේ ඔවැනි කටමැත දොඩවන අන්තවාදීන්ගේ දෙමව්පියන් ද යන්න මා අසමි.

සුහද හමුවේ දී සිංහල යුනිකේතය පිලිබද Microsoft සමාගම කෙටි දැනුවත් කිරීමක් කරන බව ඔවුන්ගේ නිල නිවේදනයේ සදහන් ව ඇත.එය කිසිම වැරැද්දක් නොමැති බව මා කීමට කැමතියි.මන්ද ඔවුන් සත්‍ය වශයෙන්ම සිංහල යුනිකේතය දියුණු කිරීම සදහා උදව් කර තිබීමයි.ඔවුන් කරන ලද දේ ගැන ඔවුන්ට කීමට පරම අයිතියක් ඇත.මා දකින අන්දමට නිදහස් හා විවෘත මෘදුකාංගත් ,අලෙවි කරන මෘදුකාංගත් එකම කාසියක දෙපැත්තයි.මේ ආකාරයට දර්ශන දෙකක් ඔස්සේ මෘදුකාංග තරගය බිහිවී තිබීමෙන් සිදුවන්නේ වෙන කිසිවක් නොව ඇතිවන තරගය නිසා පරිගණක විද්‍යාවට මහගු මෙහෙයක් සිදු වීමයි.ලංකාවට විවෘත මෘදුකාංග මත යැපීමට යෑම නව ලොවට,නව තාක්ශනයන්ට රටේ මතු පරපුරට විවර වීමේ (Exposure)අඩකඩත් වඩා අඩුවන බව විවෘත මනසකින් බලන ඕනෑම අයෙකුට පෙනෙන සත්‍යයකි.

මා සිතන්නේ විවෘත මෘදුකාංගත් ,අලෙවි කරන මෘදුකාංගත් ගෙන ඒවායෙන් කල හැකි දේ ත් ගත හැකි දේත් ගෙන රටේ දියුණුව උදෙසා වැඩ කීරීම සුදුසුම ක්‍රියාවලිය බවයි.

 

වැදගත්:-මෙය කිසිම සමාගමක් වෙනුවෙන් කඩේ යාමක් නොවන බවත් මැදහත් ව බලන අය උදෙසාත් ඔවුන්ගේ අදහස තවදුරටත් සහතික කිරීම සදහා පල කරන ලද ලිපියක් බවත් සලකන්න

Pages

වැඩිදෙනෙක් කියැවූ ලිපි

Followers

ගොඩවැදුනු අය....