෴වළාකුළ෴

සිංහල තොරතුරු තාක්ෂණික විකේතනය....

අපේ මවුබිමට තවත් අගනා කීර්තියක් අත් කර දීමට පෙරමුණ ගෙන සිටින අපේම සොහොයුරු කණ්ඩායමට ඔබේ සහය පළකර ශ්‍රී ලංකා නාමය ඉදිරියට ගෙන ඒමට අපි සමග අත්වැල් බැඳගන්න.

ජුලි මස 9 වන දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වීමට නියමිත ලොව ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ තරඟාවලිය වනImagine Cup හි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන මොරටුව විශ්ව විද්‍යාලයේ සිසු කණ්ඩායම, මේ වනවිට තරඟාවලියේ මහජන මතය උරගා බලන “ජනප්‍රියම ඉදිරිපත් කිරීම’ People’s Choice ලෙස දෙවන ස්ථානය ලබාගෙන සිටියි.

මේ වනවිට ඉන්දියාවට පමණක් දෙවැනි වී සිටින අප කණ්ඩායම මෙම වටයේ ඉදිරියටම ගෙන යාමට ඔබ කල යුත්තේ

http://www.imaginecup.com/Competition/PCATeam.aspx?Competitionid=71&teamid=55154

වෙත ගොස් ඔබගේ ඡන්දය ලබා දීමයි. මනාප පල කිරීම ජූනි 20 වන දින සිට ජූලි 9 වන දින දක්වා සිදුකල හැක.

අපේ අසල්වාසී ඉන්දියාව පමණක් නොව ලොව විශාල රටවල් 60 අභිබවා ඉදිරියට යමින් සිටින අපේ කණ්ඩායම මේ වනවිටත් අප මවුබිමට ලබා දී ඇති අතිමහත් ගෞරවය ශ්‍රී ලංකා නාමය ලොව නන්දෙස බබලවනු ඇති. දැන්ම ඉහත වෙබ් ලිපිනයට ගොස් වීඩියෝවට පහලින් ඇති "Vote" බොත්තම හරහා ඔබගේ මනාපය අපේ සොහොයුරන් වෙනුවෙන් ලබාදී ඔවුන්ගේ ජය තහවුරු කිරීමට අපි සමග එක්වන්න. ඔවුන්ගේ ජයග්‍රහණයේ මීළඟ තීරකයා වන්නේ ඔබයි!

පහුගිය දවස් වල මම පොඩි සමීක්ෂනයක් කලා පරිගණක මෘදුකාංග නිර්මාණ ශිල්පීන්ගේ චර්යා රටාවන් අධ්‍යයනයට දැන් හදන්නේ ඒකේ ප්‍රතිඵල දාන්න.

 

මේ තමයි මං යොදාගත් ප්‍රශ්ණාවලිය…

1. ඔබ මෘදුකාංග ශිල්පියෙක්ද? / Are you a Programmer

2. From Which Age? / කුමන වයසේ පටන්ද?

3.In which time frame are you Coding at work? / කාර්යාලයේදී ඔබ ක්‍රමලේඛනයේ යෙදෙන්නේ කුමන කාල පරාසයකද?

4'. What time frame that you like to Code? / ඔබ වඩාත්ම කැමති ක්‍රමලේඛනයේ යෙදීමට කැමති පහත සදහන් කුමන කාල පරාසයේද?

5'.What is your Favorite Programming Language?/ ඔබගේ ප්‍රියතම පරිගණක භාෂාව කුමක්ද?

6'. What is your Favorite Music Style? / ඔබ කැමති සංගීත ශෛලීන් මොනවාද?

7.Are you Watching TV Seasons in most of the time?

8. Are you an ....... /ඔබ(

Alcoholic / මත් වතුර පානය කරන්නෙමි,Smoker / දුම්පානය කරන්නෙමි,Non Alcoholic and Non Smoker).

9. Are you a lover? /ඔබ පෙම්වතෙක්ද?

 

මේ නියැදියට ප්‍රතිචාර 105ක් හම්බවුනා…

 

දැන් බලමු කොහොමද කියල කට්ටියගේ ප්‍රතිචාර.

 

 

ඔබ මෘදුකාංග ශිල්පියෙක්ද? / Are you a Programmer

image

 

YES  103     98%

NO    2        2%

වැරදිල ඇවිත් ඇත්ත කියපු දෙන්නෙකුත් ඉන්නවා ඕං…..:D

From Which Age? / කුමන වයසේ පටන්ද?

image

 

 

From School times                                    33           31%

From University times                           39               37%

From My Higher Education times   23                 22%

From my First Job                                  10                10%

In which time frame are you Coding at work? / කාර්යාලයේදී ඔබ ක්‍රමලේඛනයේ යෙදෙන්නේ කුමන කාල පරාසයකද?(Choose the most relevant option)

image

 

8.00 AM - 4.00 PM    81    77%

12 Noon - 8.00 PM     9       9%

8.00 PM - 2.00 AM   15      14%

 

 

What time frame that you like to Code? / ඔබ වඩාත්ම කැමති ක්‍රමලේඛනයේ යෙදීමට කැමති පහත සදහන් කුමන කාල පරාසයේද?

image

 

 

8.00 AM - 4.00 PM        53       50%

12 NOON - 8.00 PM     12         11%

8.00 PM - 2.00 AM      39       37%

 

What is your Favorite Programming Language?/ ඔබගේ ප්‍රියතම පරිගණක භාෂාව කුමක්ද?

මේකට නං ගොඩක් අය දාලා තිබ්බේ…. C#,JAVA,C/C++ තමයි.

What is your Favorite Music Style? / ඔබ කැමති සංගීත ශෛලීන් මොනවාද?

image

 

 

Classic       80    80%

Rock          38    38%

Jazz            10   10%

Hip Hop   27      27%

Reggae      11     11%

 

 

Are you Watching TV Seasons in most of the time?

image

 

 

YES     51    49%

NO     54   51%

 

 

Are you an ....... /ඔබ?

 

 

image

 

 

Alcoholic / මත් වතුර පානය කරන්නෙමි          31       30%

Smoker / දුම්පානය කරන්නෙමි                         18       17%

Non Alcoholic and Non Smoker                 71         68%

 

ගොඩක්ම ඉන්නේ අමධ්‍යප අය වගේ….

 

 

Are you a lover? /ඔබ පෙම්වතෙක්ද?

image

 

 

Yes                                     64      61%

No , I'm Married !      6          6%

No                                   35       33%

 

 

ඔන්න ඕකයි කට්ටියගේ තත්වේ …


සෑහෙන කාලෙක ඉදන් මේ ලිපිය ලියන්න හිතුවත් මේ වගේ ටිකක් දිග ලිපියක් ලියන්න කාලය හොයාගන්න මට අමාරු උනා. ලිපිය ලියන්න ගොඩක්ම හේතු වුනේ ගොඩක් කට්ටිය තමන්ගේ ජංගම දුරකථන වල බැටරිය පවත්වා ගන්න අයුරු නිසි ලෙස නොදැන සිටීමයි.අනිත් කාරණය තමයි ගොඩක් දෙනා අතර තියෙන මිථ්‍යා මත මේ බැටරි භාවිතය සම්බන්ධයෙන්….

 

සාමාන්‍යෙයන් ජංගම විද්‍යුත් උපකරණ වල බහුලව යොදාගන්නේ NiCad එහෙමත් නැත්නම් “නිකල් කැඩ්මියම්“ හෝ Li-ion “ලිතියම් අයන්“ කියන බැටරි විශේෂ දෙක (මෙයිනුත් NiCad දැන් අලුත් උපකරණ වල ඉතා අවම මට්ටමින් භාවිතා වෙනවා).

දැන් බලමු මොනාද මේ NiCad හා Li-ion කියන ඒවගේ වෙනස කියලා

 

 

Nickel Cadmium බැටරි

 

 

1899 දී Waldmar Jungner කියන Sweden ජාතික ඉංජිනේරුවා විසින් මෙම බැටරි සංකල්පය සොයාගන්නා ලදී. ඒ කාලේ තිබ්බ Lead Acid බැටරි වලට හොද ආදේශකයක් ලෙස මෙය එකල භාවිතා නොවුනේ මේ සදහා යන වියදම අධික වූ බැවින්. 1932 දී මේ සම්බන්ධව සැලකිය යුතු මට්ටමේ දියුණු වීමක් සිදු උනද බැටරිය නැවත ආරෝපණය කිරීමේ දී පිටවන වායූන් අවශොෂනය කරන ක්‍රමය සොයාගැනුනේ 1947 දී . දැන් ඔබ වෙළද පොලේ දකින මුද්‍රා සහිත Ni Cad බැටරිය එම පර්යේෂන වල ප්‍රතිඵලයක්.

 

නිකල් කැඩ්මියම් බැටරි වලට වැඩිය කරුණු දක්වන්නේ නැතුව මෙම විශේෂයේ වාසි හා අවාසි සැකෙවින් පහත දක්වන්නම්….

 

 

වාසි

  1. සරළ ක්‍රමයක් භාවිතයෙන් ආරෝපණය කිරීමේ හැකියාව.
  2. ඉතා වැඩි ආරෝපණ ප්‍රමාණයක් සදහා ඔරොත්තු දීම(නියමිත ලෙස බැටරිය නඩත්තු කරන්නේ නම් 1000 වාරයක් පමණ)
  3. බැටරිය විසර්ජිත අවස්ථාවෙන් ගබඩා කල හැකි වීම.
  4. අඩු උෂ්නත්ව පරිසරයන්හිදී අනෙක් වර්ග වලට වඩා හොදින් ක්‍රියාත්මක වීම.
  5. දැරිය හැකි මට්ටමක මිලක් පැවතීම.

             අවාසි

  1. සාපේක්ෂව අඩු බලයක් අඩංගු වීම.
  2. බැටරියේ මතක මට්ටම් සටහන් වීම( Memory Effect – බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය කිරිමේ අවශ්‍යතාව. එසේ නොවුණහොත් බැටරිය අවම මට්ටම වෙනුවට ඊට ඉහලින් ඇති මට්ටමක් අවම මට්ටම ලෙස බැටරිය සලකනු ලබනවා. එවිට බැටරියේ ජීව කාලය අඩු වෙනවා)
  3. පරිසර දූෂිත කොටස් අඩංගු වීම( කැඩ්මියම් විෂ සහිත මූල ද්‍රව්‍යයකි)
  4. ඉබේ විසර්ජනය වීමේ හැකියාව ඉතා අධිකය

265px-Nicd_disassembled

                                                      Ni Cad බැටරියක ඇතුල් කොටස් (මූලාශ්‍ර – Wikipedia)

 

මෙහි සදහන් Memory Effect ගැන වැඩිදුර කරුණු අවශ්‍ය අයට පහත සබැදියෙන් ඒ පිළිබදව තව දුරටත් අධ්‍යයනය කල හැක.

 

Memory Effect

 

සටහන-මීට අමතරව NiMH (Nickel Metal Hydride ) කියන බැටරි වර්ගයක් තියෙනව ගොඩක් පෝටබල් Device වල භාවිතා වන ඒ කරුණු අවශ්‍ය අය මේ සබැදියෙන් අධ්‍යයනය කරන්න.

 

 

Li-ion බැටරි

 

 

මේ බැටරි වර්ගය ගැන මම ටිකක් වැඩි පුර විස්තර කරනවා මොකද මේ වර්ගය මේ වන විට බහුලව ම භාවිතා වෙන බැටරි වර්ගයක් වෙන හින්දා.

 

1970 ගණන් වල M.Stanley Whittingham කියන රසායන විද්‍යාඥයා මේ සම්බන්ධ කරුණු මුල් වරට ලෝකයට ‍හෙළි කරනු ලබනවා.(අදටත් එතුමා Binghamton University. සරසවියේ මහාචාර්යවරයෙක් ලෙස සේවය කරනවා)

 

Li ion බැටරිය වැඩ කරන විදිහ සරල විදිහට කිව්වොත් බැටරිය විසර්ජනය වන විට Lithium අයන ඍණ ඉලෙක්‍ටේ‍ර්ඩයේ සිට ධණ ඉලෙක්‍ෙට්‍රා්ඩය වෙත ගමන් කරනවා.

 

lithium-ion-battery-5

 

                                                Li –ion බැටරියක හරස්කඩ(මූලාශ්‍ර – HowstuffWorks)

 

 

 

බැටරියේ අයන ගමන් කරන විදිහ (විසර්ජනයේදී හා ආරෝපණයේදි ) පහත රූප සටහන් වලින් පැහැදිලි වෙයි කියල හිතනවා.

 

 

lithium-ion-battery-6

 

 

 

 

lithium-ion-battery-4

 

 

 

ඉහත රූප සටහන් වල පෙනෙන ආකාරයට Li – ion බැටරියක් විසර්ජනය හා ආරෝපණය සිදු  වෙනවා. මෙහිදී මතක තියා ගත යුතු කරුණක් තමයි අනෙත් වර්ග වලට වඩා මෙහි එක් Cell එකක ඉහළ වෝල්ටීයතාවයක් රැදී තිබීම. අනෙත් කාරණය OverCharging වලට මෙම බැටරි කිසි සේත්ම ඔරොත්තු දෙන්නේ නෑ . එයින් වැළකීම සදහා විශේෂ පිළිවෙත් මෙහි අඩංගු වෙනවා.

 

ගොඩක් Li –ion බැටරි වල එක් Cell එකක 4.20 V වෝල්ටීයතාවයක් අඩංගු වෙනවා.

 

පහත සටහනින් මෙහි ආරෝපණ ක්‍රියාවලිය ගැන තව දුරටත් අවබෝධයක් ගත හැකියි.

 

ion1

 

 

සමාන්‍යයෙන් බැටරියක් සම්පුරණයෙන්ම ආරෝපණය වීමට පැය 3-4 කාලයක් ගන්නවා. නමුත් බැටරිය සම්පූර්යෙන්ම ආරෝපණය කිරීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. මන්ද ඉහත සදහන් කල පරිදි ඉහල වෝල්ටීයතාවයන් බැටරියේ ආයු කාලය අඩු කිරීමට බලපාන බැවින්, නමුත් මෙහි ඇති අනෙත් ප්‍රශ්නය වන්නේ බැටරිය  යොදා ඇති උපකරණයේ ධාවන කාලය(Run Time) අවම වීමයි.

 

ඉහත සටහනේ දක්වන ලද ආකාරයට පළමු අදියර (Stage 1 ) ට වඩා සැලකිය යුතු මට්ටමේ කාලයක් Stage 2 එනම් බැටරිය සංතෘප්ත වීමට ගත වෙනවා ( මේ නිසා තමයි ජංගම දුරකථන බැටරියක අවම මට්ටමේ සිට සැලකිය යුතු මට්ටමක් දක්වා ඉතා ඉක්මනින් ආරෝපණය වෙන්නේත් Full Charge වීමට ඊට වඩා වැඩි කාලයක් ගත වෙන්නේත් )

 

මේ සටහනින් තවත් ඔය කතාව පැහිදිලි කර ගන්න පුලුවන්.

 

ion2

 

 

ජංගම දුරකථන බැටරියක් නම් සම විටම එය Power Off කර ආරෝපණය කරන තරමට බැටරියේ ආයු කාලය රැකෙනවා. එයට ‍හේතුව ආරෝපණ චක්‍රය විකෘති වීම වලක්වා ගැනීමයි(Parasitic Load)

 

කිසිම විටෙක Li-ion බැටරි සම්පූර්ණයෙන් විසර්ජනය වීමට ඉඩ හරින්න එපා (මේ සදහා Built in උපාංග බැටරි තුල මේ වන විට අඩංගු වෙනවා) මෙයට එක් හේතුවක් ලෙස දැක්විය හැක්කේ බැටරි‍ෙය් ඇති Cell අස්ථායි වීමයි අලුතින් නිපදවූ බැටරි පවා නිෂ්පාදකයා එවන්නේ 40% පමණ ආරෝපණයෙන් පසුව වන්නේ ඒ නිසයි.

 

දේහලීය අගය(Threshold Value)

Li Ion බැටරි වල දේහලීය අගයන් දෙකක් අඩංගු වෙනවා.  උදාහරණයක් විදිහට කිව්වොත් බැටරිය 100% නම් එයින් ආරෝපණය වන්නේ 90% විතරයි.(මේ Over charge වීම වලක්වා ලීමට සෑදූ උපක්‍රමයකි) ඒ වගේම Discharge වෙන කොට 10% වෙනකොට බැටරිය ක්‍රියා විරහිත වෙනවා . ඉතුරු 10% වැඩ කරන්නේ දුරකථන වල ඔරලෝසුව ආදී දේ ට බලය සැපයීමට හා සම්පූර්ණයෙන්ම Discharge වී බැටරිය අකරමන්‍ය වීම වැලකීමට.

 

නිතර ආරෝපණය(Subsequent Charging)

Li –ion බැටරියක් ආරෝපණයේදී පෙර සදහන් කල පරිදි සැම විටම 70 % මට්ටමේ වත් බැටරියේ ආරෝපණ මට්ටම පවත්වා ගැනීම සුදුසු වෙනවා (100 % පවත්වා ගැනීම බැටරියේ ආයු කාලය අඩු කරනු ලබනවා මෙන්ම Cell වලට හානි වීමේ සම්භාවිතාව ඉහල දමනු ලබනවා)

දිගින් දිගට මෙසේ අරෝපණයේදී බැටරියේ සත්‍ය මට්ටම වෙනස් විය හැකි බැවින් දින 20 කට සැරයක් බැටරිය 0% – 100% තෙක් ආරෝපණය කිරීම සුදුසු වනවා.

 

ගබඩා කිරීම(Storage)

ඔබ බැටරිය භාවිතා කරන්නේ නැත්නම් බැටරිය ගලවා සිසිල් වියලි තැනක අසුරා තබන්න. 40% – 50 % අතර ආරෝපණ මට්ටම තබන්න. දින 40% කට වරක් නැවත එලෙස ආරෝපණය කරන්න.

 

 

සාරාංශය

  • බැටරිය Overcharge නොකරන්න.
  • බැටරිය සම්පූර්ණයෙන් විසර්ජනය කිරීමට ඉඩ හරින්න එපා
  • හැකි සෑම විටම බැටරියේ ආරෝපණ මට්ටම 70% මට්ටමේ තබා ගන්න.
  • අනුමත ආරෝපක(Chargers ) පමණක් භාවිතා කරන්න.

 

හදිසියේම ලිය ලිය හිටිය පාඩම් මාලාව පැත්තක දාලා මේ ලිපිය උපුටල දාන්නේ මේ සඟරාව මගේ පරිගණක අධ්‍යාපනයේ මුල් ගුරුවරයා වන හින්ද.මෙයට සම්බන්ධ වූ පුද්ගලයින්ට මා හදවතින්ම කෘතඥ පූර්වක වන්නේ ඒ නිසයි.

 

මේ ලිපිය උපුටාගන්නේ චානුක වත්තේගම මහතා විසින් මෑතකදී ආරම්භ කරන ලද ඔහුගේ සිහිසටහන් බ්ලොග් අඩවියෙනි.

 

ප්‍රගති මහීලාල් (1964 – 2009): ඔහු නොවූයේ නම් ‘විජය පරිගණක’ සඟරාවද නොවන්නේය

pariganaka-mag-first-issue2

 

අද විජය පරිගණක සඟරාව නොදන්නකු නැති තරම්ය. මගේ දැනීමේ හැටියට එය දකුණු ආසියාවේ දේශීය භාෂාවකින් පළවන, වැඩිම අලෙවියක් ඇති පරිගණක/සන්නිවේදන මාසිකයයි. එහෙත් මේ දීර්ඝ ගමනද 1997 ජූලි මාසයේදී ආරම්භ වූයේ තනි කුඩා පියවරකිනි. එහි මුල්ම කාර්ය මණ්ඩලයේ වූවෝ දෙදෙනෙකි. එක් කෙනක් ඒක පුද්ගල කතෘ මණ්ඩලය වූ මමය. අනෙකා දින කිහිපයකට පෙර අපෙන් වියෝ වූ ප්‍රගති මහීලාල්ය. ප්‍රගතිගේ රාජකාරිය වූයේ – ලිපි ලිවීම හැරුණු විට අනෙක් සියළුම දේවල්ය. වෙළෙඳ දැන්වීම් සොයා ගැනීම, මුද්‍රණය, බෙදාහැරීම පමණක් නොව මට අවශ්‍ය පොත්පත් සොයා පොත්හල් ගානේ රස්තියාදුවීමද ඒ අතර විය.

“කළු මහත ළමයෙක්. කඩියා වගේ වැඩ!” මේ ලංකාදීප ප්‍රධන කතෘ සිරි රණසිංහයන් දෙවැකියකින් මට ප්‍රගති හඳුන්වා දුන් හැටිය. සහතික ඇත්ත. ප්‍රගති කඩියෙකි. වැඩක් බාරගත් මොහොතේ සිට සාර්ථකව ඉවර කරන තුරු ඔහුට නිවනක් නැත. උදේ සිට රෑ වනතුරු කළේ ඒ වෙනුවෙන් දුවන එකය.

මුල්ම පරිගණක සඟරාව එළි දක්වන්නට අප දෙදෙනාට මසක කාලයක් ලැබිණි. (මෙය ‘විජය පරිගණක’ වූයේ පසුවය. කලින් පුරුද්දට මට තවමත් එය කියැවෙන්නේ ‘පරිගණක’ සඟරාව හැටියටය.) අද නම් එවැන්නක් සතියකින් කළ හැකිය. එදා එය විශාල අභියෝගයකි. වසර දොළහකට පෙර පරිගණක තාක්ෂණය ගැන හොඳ ලිපියක් සරල භාෂාවෙන් ලියන්නට පවා කෙනකු නොවිණි. ලියූවන් ලිව්වේද එක්කෝ බාග ඉංගිරිසියෙනි. නැතිනම් පාඨකයන්ට තියා ලේඛකයාටවත් නොතේරෙන භාෂාවකිනි. නිසි වදන් නැතිවීම තවත් අඩුවක් විය. (බොහෝ වදන් බන්දුසීල, එඩ්වින් ආරියදාස වැනි වියතුන්ගේද සහාය ඇතිව අපි තනා ගතිමු. ‘වෙබ් අඩවි’, ‘බා ගත කිරීම’, ‘ජව ගැන්වීම’,’සංගත තැටි, ‘තැටිති’ අප එදා නිර්මාණය කළ යෙදුම් කිහිපයකි.) ‘සිංහලෙන් ඕවා ලියන්න පුළුවන්ද?’ ඇසුවෝත් වූහ. එඩ්වින් ආරියදාස, මහාචාර්ය වී. කේ සමරනායක වැනි සුළු පිරිසක් අප දිරිමත් කළද ඔවුනගේ අදහස වූයේද සිංහල මාධ්‍ය පරිගණක සඟරාවකට පිටපත් දස දහසකට වඩා අළෙවියක් නැති බවය. මේ කතා කරන්නේ 1997 ගැනය. දහයකින් කෙනකුවත් පරිගණකයක් දැක නොතිබිණි. රටේ භාවිතා වූ මුළු ජංගම දුරකථන සංඛ්‍යාව ලක්ෂයකට අඩුවිය. වෙනෙකක් තියා මුළු ලංකාදීප කතෘ මණ්ඩලයටම එකම පරිගණකයක් වත් තිබුනේ නැත.

විජය පුවත්පත් සමාගමේ පාලනාධිකාරියෙන් අපට සඟරාව පළ කරනවාට අමතරව තවත් අභියෝගයක් ලැබුණේය. ඒ සමාගමේ සියළුම ප්‍රකාශනවල පිටු සැකසීම පරිගණීකරණය ආරම්භ කරන ලෙසය. ඒ වන තුරුම විජය පුවත්පත් සමාගමට සිංහල පිටු සැකසීම් අංශයක් කියා දෙයක් නොතිබිණි. සිටියේත් පිටු සැකසීම් ශිල්පීන් නොව පරිගණක යතුරු ලියන්නන්ය. ඔවුන් කොලම් මහතට යතුරු ලියා දෙන ලිපි පරණ විදියට සුදු කඩදාසියේ ඇළවීමෙන්ය පිටු සකසා ගත්තේ. පේජ් මේකර් හා ෆොටෝ ෂොප් පරිගණකයන්හි ස්ථාපනය කොට තිබුනද භාවිතාවක් නොවීය. පළමු වරට ඒවා භාවිතා කළේ පරිගණක සඟරාව වෙනුවෙනි. අද මතක් වන විට සිනා පහළ වුවත්, වැඩි වැඩ නැතිව පළමු පිට සකසා ගැනීමට මටත් චන්දන, ගුණතිලක දෙසොහොයුරන්ටත් පැය තුනකට ආසන්න කාලයක් ගතවිය.

මේ දීර්ඝ අටුවාව ලීවේ ප්‍රගතිත් මාත් භාරගත් අභියෝගයේ තරම කියන්නටය. මම ප්‍රගතිගේ බොස් වීමිද, නැතහොත් ප්‍රගති මගේ බොස් වීද මම අදත් නොදනිමි. එවැන්නක් සිතීමට වත් අවකාශයක් වූයේ නොවේ. අගෝස්තු 12 වැනිදා ලංකාදීප පුවත්පත සමඟ නිකුත් වීමට නියමිත පළමු පරිගණක කලාපයේ වැඩ කටයුතු අප නිමා කළේ ඉන් පෙරදිනය. මුද්‍රණයට යන්නට පැයකට පෙරත් ප්‍රගති පිටු මාරුවක අවුල් ඇරියා මතකය. මුල්ම සඟරාව මුද්‍රණය වී එනතුරු විජය පුවත්පත් ආයතනයේ පහළ මහලේ බලා සිටීම ප්‍රගතිටත් මටත් නවමු අත්දැකීමක් විය. අපේ උත්සාහයේ මිහිර විඳ ගැනීමට ලැබුනේ පසුවදා පාරේ තැඹිලි විකුනන්නන්ද පරිගණක සඟරාව කියවනු දැකීමෙනි.

ප්‍රගති ගැනත් පරිගණක සඟරාව ගැනත් මට තවත් බොහෝ මතකයන් ඇත. එහෙත් ඒ වෙනුවට අප දිනාගත් දේ ගැන කතාකිරීම වඩාත් අවස්ථෝචිතය. 1999දී තනිව නැඟී සිටීම ආරම්භවූ පරිගණක සඟරාවට මුලදී දස දහසක මාසික අළෙවියක් වත් නොතිබිණි. මගේ මතකය නිවැරදි නම් දෙවැන්න කලාප 6,000 කටද, තෙවැන්න 5,000 කටද පහත වැටුණේය. මේ වනවිට අපේ උත්සාහය ගැන අපටම සැක පහළ වුවද අවසාන මොහොත දක්වා සටන අත නොහැරීමට අපි අධිෂ්ඨාන ශීලී වීමු. මාසයකට දහස දෙදහස ගණනේ අළෙවිය ඉහළ නැංගේය. 2001 ආර්ථික අවපාත සමයේ වෙනත් බොහෝ ප්‍රකාශනවල අළෙවිය වැටෙද්දී අපි නොකඩවා ඉහළ නැංගෙමු. අවසානයේ ප්‍රගති හා මා 2004 දී ඉන් ඉවත් වන විට විජය පරිගණක සඟරාවේ මාසික අළෙවිය 42,000 ඉක්මවා තිබුණේය. අපෙන් පසු ඒ කටයුත්ත භාරගත් පාලිත අමරසුරිය සොහොයුරා දැන් එය එමෙන් කිහිප ගුණයක් ඉහළ නංවා කිසිම තරගයක් නැතිව එය වෙළෙඳපළ නියමුවා කොට ඇත.

මීට අමතරව විජය පරිගණක සඟරාව මඟින් අපි ශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික මට්ටමේ පරිගණක සම්මේලන පැවැත් වූයෙමු. පදනම් ආයතනයේ විශාල ශාලාව පිරෙන්නට මේවාට සෙනඟ එක් රැස්වූ බව මට මතකය. පළමු සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා වුයේ එවකට ජනමාධ්‍ය ඇමති ධර්මසිරි සේනානායකය. මහාචාර්ය වී. කේ සමරනායක, මහාචාර්ය ගිහාන් ඩයස්, ආචාර්ය බන්දු රණසිංහ, ක්‍රිශාන්ත සිල්වා (දැනට ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති), ගාමිණි ගුණවර්ධන, එස්. එම්. බන්දුසීල, ටී. එම්.ජී. චන්ද්‍රසේකර (ඔහුගේ ‘අන්තර්ජාලය ඔබේ නිවසට’ වැඩසටහන එවකට අතිශය ජනප්‍රිය විය.) හා නාලක ගුණවර්ධන  මේවාට සම්පත් දායකයින් සේ සහභාගි වූයේ සතයක් වත් නොගෙනය. මෙහි සම්පූර්ණ ගෞරවය යායුත්තේ ප්‍රගතිටය. ඔහුගේ අපූර්ව සංවිධාන ශක්තිය නොවීනම් මේ කිසිවක් සිදුවිය නොහැකිව තිබිණි.

වෘත්තීය සගයකු හැටියට ප්‍රගති සමඟ තරම් පහසුවෙන් මම වෙනත් කිසිවකු සමඟ කටයුතු කළේ යැයි නොසිතමි. සාමාන්‍යයෙන් මා සමඟ වැඩ කිරීම කෙනකුට පහසු නැත. මාධ්‍ය ජීවිතයේදී එය වඩාත් දැනේ. එහෙත් ඔහු සමඟ කටයුතු කළ දීර්ඝ කාලය තුළ වරක් හෝ අප අතර වාදයක්, උනුසුම් කතාබහක් නොවීය. අප දෙදෙනා එකකු ලෙස හැපුණේ අනුන් සමඟය.

විජය පරිගණක සඟරාව පිළිබඳ බොහෝ කටයුතු මා කළේ නිර්නාමිකව හෝ ආරූඪ නම් වලිනි. විවිධ නම් විසි පහකට වැඩි සංඛ්‍යාවකින් මම ඊට ලියා ඇත්තෙමි. හේතුව මාධ්‍ය භාවිතාව මගේ අනෙකුත් රැකියා කටයුතු වලට බාධාවක් වීමය. මට සේම ප්‍රගතිටත් ඒ වෙනුවෙන් ලැබුනේ සොච්චමකි. එහෙත් ඒ ගැන අප දෙදෙනාටම අවංකව සතුටුවීමට කරුණු කාරණා තිබිණි. අද අපට හමුවන පරිගණක ක්ෂේත්‍රයේ දැනුමැති යව්වනයෝ ජීවිතයේ එක්තරා වයසක විජය පරිගණක සඟරාවෙන් එක්තරා මට්ටමකට උගැන්මක් ලැබූවෝය. ඔවුන් ඒ මට්ටමට ගත්තේ අපයැයි මම නොකියමි. එහෙත් අප ඔවුනට රුකුලක් වී නම් ඒ ගැන අවංකව සතුටු විය හැකිය.

පරිගණක සඟරාවෙන් ඉවත් වූ පසු ප්‍රගතිගේත් මගෙත් සන්නිවේදනය එක්තරා මට්ටමකට සීමා විය. එය වසර ගණනාවකට පසු මෑතක යළි අළුත් වූයේ ඔහු ‘ඩේලි මිරර්’ පුවත්පතෙහි වෙළඳ දැන්වීම් කළමනාකාර ධුරයට පත්වීම සමඟය. බොහෝ කාලයකට පසුව රැකියාවේ ධනාත්මක වෙනසක් වන්නට යෑම ප්‍රගතිට සුභ ආරංචියක් විය. (පරිගණක සඟරාවෙන් ඉවත් වීමෙන් පසු ඔහු කළේ තොරතුරු තාක්ෂණ අංශයේ වැඩි අභියෝගයක් නැති වැඩ කටයුතුය.) කෙසේවෙතත්, ආර්ථික අර්බූදයක් ඉදිරියේ තබාගෙන රැකියාවේ වෙනසක් වීමේ අවදානම ගත යුතුද යන්න ඔහුට ගැටළුවක් විය. ප්‍රගති ගැන දන්නා මම ඊට දිරි දුනිමි. ප්‍රගතිට අවශ්‍ය වූයේ අභියෝගය. අභියෝග නැති තැන ඔහු උදාසීන වෙයි. අළුත් රැකියාව ඔහු දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ අභියෝගය ඔහුට ලබා දෙනු ඇතැයි මම කල්පනා කළෙමි. ඒ සති කිහිපයකින් ඇසෙන්නට යන අසුභ ආරංචිය නොදැනය.

ප්‍රගති ‘පරිගණක’ පවුලේ අපට අහිමි වූ පළමුවැන්නා නොවේ. අප මුලින් සෝපත් කළේ PC Quest- Sri Lanka හි ආරම්භක කතුවරයා වූ ඇන්තනි ඩේවිඩ් රාජුය. ප්‍රගති සේම ඩේවිඩ්ද මියගියේ අඩු වයසිනි. ඩේවිඩ් පසට යටකළ ඒ අවාසනාවන්ත උදෑසන අපි ප්‍රගති සමඟ කඳුළ බෙදා ගතිමු. අද ප්‍රගතිද අප හැර ගොසිනි. අපි ඔහුද ඩේවිඩ් සේම දෙව් මව් තුරුළට යවමු.

Linked Lists ගැන කියන්න කලින් කට්ටියටම Arrays ගැන මතක් කලොත් හොදයි කියල හිතෙනව , 
Array එකක් ලියන්නේ කොහොමද?
void numlist(){

int numbers[100];  
numbers[0]=1;
numbers[1]=2;
numbers[2]=3;
}


ඉහතින් දැක්වෙන්නේ එක උදාහරනයක්.මෙහිද කරල තියෙන්නේ numlist කියල function එකක් තියෙනව int values 100 ක් ඇතුලත් කල හැකි Array එකක් සහිතව,මෙහි [] ලකුණින් Array එකේ ඇති Elements ගණන තීරණය කරනවා.


පහලින් කරල තියෙන්නේ මුල් Elements වලට Values Assign කරල තියෙන විදිහ.(මතක තියාගන්න මෙහි 0 යනුවෙන් ඇත්තේ පළමු element එකේ Index එකයි,අන්තිම Element එකේ Index එක වෙන්නේ එතකොට 99 )


මං හිතනවා මේක කියවන කට්ටියට Pointers ගැන ප්‍රමාණවත් දැනුමක් තියෙනව කියල(නැත්තම් පහලින් කොමෙන්ටුවක් දමා යන්න ,මම ඒ ගැනත් ලියන්නම්)


Array එකක් හා Linked List එකක් වෙනස් වෙන මූලිකම විදිහ මේවායේ දත්ත ගබඩා වන ක්‍රමවේදයයි


Array එකක දත්ත ගබඩා වෙන්නේ එකම Memory Block එකක. නමුත් Linked Lists එහෙම නෙවෙයි මේකෙදී දත්ත කොටස් ගබඩා වෙන්නේ වෙන වෙනම Memory Blocks වල(මේකට කියනව Linked List Element කියලා,Node එකක් කියල හදුන්වන්නෙත් මේකම තමයි.)


Node එකක තියෙනව කොටස් දෙකක්


1.දත්ත ගබඩා කරන කොටස සහ

2.ඊළග Memory Block එකේ ලිපිනය (Address)එක අඩංගු කොටස


මෙන්න මේ විදිහට එකිනෙකට සම්බන්ධ වෙච්ච Nodes වලින් තමයි Linked List එකක් නිර්මාණය වෙන්නේ.





ඔය ඉහලින් තියෙන්නේ ඒ වගේ එකක් තමා. A කියන Node එකේ Address එක තියාගෙන ඉන්න Element එකට කියනවා Head Pointer එක කියල. එතන තමයි Linked List එකක් ආරම්භ වන තැන.


Node එකක් සාදන අයුරු…


struct node{
int data;
struct node*next;
};



මෙතනදී කරල තියෙන්නේ Pointer Node එකක් හා පෙර සදහන් කල පරිදි දත්ත අඩංගු කරන්න data කියල Variable එකක් හදපු එක.මේක තියෙන්නේ node කියල Structure එකක.


දැන් අපි කරන්නේ මේක පාවිච්චි කරල Singly Linked Lists වර්ගයට අයත් Linked List එකක් හදන එක.(Linked List වර්ග කීපයක් තියෙනව Singly Linked Lists,Doubly Linked Lists හා Circluar Linked Lists කියල)


දැන් අපි Function එකක් ලියමු අගයන් 3ක් ඇතුලත් කල Linked List එකක් සදහා,


struct node* AddValues(){

struct node* head=NULL;
struct node* second=NULL;
struct node* third=NULL;


head =malloc(sizeof(struct node));
second =malloc(sizeof(struct node));
third =malloc(sizeof(struct node));

head->data=1;
head->next=second;

second->data=2;
second->next=third;

third->data=3;
third->next=NULL;
return head;
}




මේ Function එකේදී කරල තියෙන්නේ head,second,third කියල Nodes 3 ක් අපි කලින් හදපු Node Structure එක භාවිතයෙන් හදපු එක.


malloc කියන්නේ C/C++ වල Memory Allocate  කරන Function එක,මෙහෙම තමයි පරිගණකයේ තත්‍ය මතකය(Physical Memory) එකේ මේ සදහා ඉඩ වෙන් කරගන්නේ.


ඊට පහලින් කරල තියෙන්නේ ඉතින් Values Assign කරල තියෙන එක තමා(මේකට ඉතින් pointer arithmetic ගැන දැන ගන්න ඕනේ)


මීලඟ ලිපියෙන් අනිත් Linked List වර්ග ගැන කතා කරමු.

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඉස්සෙල්ලම කියනව. ගොඩක් කාලෙක ඉදන් හිතන් හිටිය මේ ගැන ලිපි කිහිපයක් ලියන්න අන්තිමට අද තමයි ඒකට උනන්දුවක් අවේ.

Data Structures කියල කියන්නේ පරිගණක වල මූලික දත්ත හැසුරුවීමේ ක්‍රමවේදයයි.මෙය මුලින්ම ඉගෙන ගන්න කෙනෙකුට හිතෙන්න පුලුවන් මේක මහ අමාරු දෙයක් විදිහට.(එහෙම උනොත් පහලින් කොමෙන්ටුවක් දාලා යන්න පුලුවන් උපරිමයෙන්ම සරල විදිහට මං ඒව විස්තර කරන්නම්).

මෙහි ආදර්ශන වැඩ සටහන් සදහා මා භාවිතා කරන්නේ C පරිගණක භාෂාව.ඒ හේතු කිහිපයක් උඩ
1.මං C වලට ගොඩක් ආශා කිරීම.
2.මා පෞද්ගලිකව විශ්වාස කරනවා Data Structrues ඉගෙන ගන්න භාවිතා කරන්න ඕනේ C වගේ පරිගණක භාෂාවක් කියල.

මේකේ ගොඩක් සුන්දර දේවල් තියෙනව ඉගෙන ගන්න.දැන් තව කෙනෙකුට හිතෙන්න පුලුවන් මොකටද Data Structures ඕන වෙන්නේ කියල

Data Structures ඕන වෙන්නේ මොකටද?


පරිගණකයේ දත්ත කාර්‍යක්ෂමව හැසුරුවීමටත් ගබඩා කිරීමටත් Data Structures අවශ්‍ය වෙනව.

එතකොට Database ?

ඒවගෙත් ප්‍රථමික මට්ටමේ මේ දේවල් යොදවා තිබෙනවා

Data Structures ගැන ඉගෙන ගත්තම අපිට ඇති පලේ මොකක්ද?

එකක් තමයි පරිගණකයේ දත්ත හැසුරවීම පිළිබද මනා දැනුමක් ලැබීම.ඔය මෙහෙයුම් පද්ධති නිර්මාණය,පරිගණක භාෂා නිර්මාණය කරන්න උනන්දුවක් දක්වන අය එහෙම මේව ගැන හොදට දැන ගෙන ඉන්න ඕනේ.

අනික තමයි කැම්පස් එකේ Data Structures වලට ගෑවිච්ච විශයයක් තියෙනවනම් බොහොම ලේසියෙන් අදාල මූලධර්ම ඉගෙන ගත්තට පස්සේ ගොඩ දාගන්න පුලුවන් වෙන එක.:D

එහෙනම් අපි ඊළග ලිපයෙන් කතා කරමු Linked List කියනනේ මොකක්ද කියල෴

Pages

වැඩිදෙනෙක් කියැවූ ලිපි

Followers

ගොඩවැදුනු අය....

There was an error in this gadget