෴වළාකුළ෴

සිංහල තොරතුරු තාක්ෂණික විකේතනය....

මේ කථාව පටන් ගන්න වෙන්නේ මගේ පුද්ගල පරිගණකයේ මව් පුවරුව නොසිතූ විරූ වේලාවක දැවී යාමේ සිටයි.ඒ මම අපේ Presentation Slides වල අවසන් වැඩ කටයුතු කරන්න ගත් වේලාවේ දී හිටිවනම පරිගණකය restart වී කිසිවක් monitor යේ නොපෙනෙන තත්වයකට පත්වීමත් සමගයි. අවසන මා හට නිගමනය කිරීමට සිදුවුනේ මගේ මව් පුවරුව දැවී ගොස් ඇති බවයි.

දැන් කුමක් කරන්නද මව් පුවරුව Dustbin ගත කරනු හැර :(

එතකොට මගේ presentation slides,බාගෙට ලියල තියපු software,website ආදී සකලවිධ දත්ත ගබඩාවම මට භාවිතා කරන්න වෙන්නේ නෑ.ඔහොම කල්පනා කරනකොට මට මතක් උනා මම සිහිවටනයක් විදියට තියාගෙන හිටපු   මගේ පරණ P III 500Mhz පරිගණකය!

ඒකේ casin එක ගලවල දූවිලි එහෙම පිහිදල RAM chip  එක reseat කරල එහෙම පණ ගැන්වුවා,මෙන්න වැඩ :) win98 දාන්න හැදුවත් ඒකට මගේ NTFS partion හදුන ගන්න බැරි උනා , අනිත් අතට මගේ එක් partion එකක් වත් හිස් කරන්න විදිහක් තිබ්බෙ නෑ ඒ හින්දා win98 ස්ථාපනය කරන වැඩේ මට අත හරින්න සිදු උනා.

ඊට පස්සෙ ඔලුවට ආවේ linux version එකකින් වැඩේ ගොඩදාගන්න.පහුගිය අවුරුද්දකට හමාරකට විතර එහා මට Linux වල variation හොයන්න මාර උණක් තිබ්බා ඒ දවස්වල

UBUNTU,KUBUNTU,XUBUNTU,EDUBUNU විතරක් නෙවෙයි FREESPIRE,G-OS,MANDRIVA,FEDORA,ආදි නොයෙක් LINUX සංස්කරණ අත්හදා බැලුවා.

පළමුවෙන්ම කලේ මං ගාව තිබ්බ පරණම UBUNTU LIVE(5,04) CD එක මගේ පරණ පරිගණකය සමග ක්‍රියාත්මක කිරීමයි.RAM මදි හින්ද (64 MB) ඒ වැඩේ හරිගියේ නෑ.XUBUNTU version එකක් මම අත්හදා බලා තිබුණත් ඒක write කරල තිබ්බ Disk එක මට හොයාගන්න බැරි උනා.ඔය අතරේ මට මතක් උනා මම ඒ දවස් වල ‍මටම බැනගත්ත වැඩක් ගැන,ඒ ඉතාම කුඩා Linux variation එකක් write කරල මුලු CD එකක් නාස්ති කර ගත්ත කියන එක!

ගත්තා මුලු CD set එකම ,අරගෙන යාන්තම් අර කියන CD එක හොයාගත්තා .මට මතක  තිබ්බේ Damn Small Linux මම write කරල තිබ්බා කියල,ඒ උනත් දාලා boot කරද්දී බලද්දී තිබ්බේ මේ puppy linux කියන සංස්කරණය මගේ වෙලාවට ඒක හොදට මගේ පරණ පරිගණකය සමග ඉතා හොදින් ක්‍රියාකරා.ඒක මගේ 64 Ram එකෙන් භාවිතයට ගත්තේ 27Mb විතරයි ඒ විතරක් යැ මගේ සියලු partion ඔක්කොම mount කරගන්නත් පුලුවන් උනා.යාන්තන් වැඩේ ගොඩ දාගත්තා puppylinux හින්දා. මෙවැනි මෙහෙයුම් පද්ධති මේ වගේ හදිසි ආපදාවල් වලදි පිහිට වෙන බව මට පසක් උනේ මේ වැඩෙන් පස්සේ තමයි!

ප.ලි – මීට අමතරව Damn Small Linux ,Xubuntu ,හන්තාන linux වගේ පද්ධතියක් ද යොදාගත හැකිය.හැබැයි තාමත් මට අලුත් මව් පුවරුවක් ගන්න ප්‍රතිපාදන හොයාගන්න බැරිඋනා!


GOOGLE සමාගම සිය නවතම ජංගම දුරකථනය නිකුත් කර තිබෙනවා මෙය NEXUS ONE ලෙස හදුන්වා ඇති අතර මෙමගින් Apple Iphone වෙළදපොළට තරගයක් ලබා දීමට සමාගම කටයුතු කරන බව පෙනී යනවා.මෙය නිෂ්පාදන‍ය කර ඇත්තේ ප්‍රමුඛ පෙළේ Smartphone නිපදවන සමාගමක් වන HTC සමාගම මගිනුයි.
 මෙහි ගුණාංග සමහරක්

Android මෙහෙයුම් පද්ධතිය භාවිතා කරයි
විශේෂයෙන් ත්‍රිමාණ කටයුතු සදහා විශේෂයෙන් සකසා ඇත.

වැඩි විස්තර මෙතන තියෙන සබැදියෙන් බලන්නකෝ

C පරිගණක භාෂාවේ ඉතිහාසයත් ආධුනික පිරිස දැන ගෙන හිටියනම් වඩාත් හොදයි කියල හිතුන නිසයි මේ ලිපිය ලියන්නේ,ඒ උනත් මේ ගැන වැඩි විස්තර ඕනැම අයෙකුට සරළ වෙබ් සෙවුමකින් සොයාගන්න පුලුවන් නිසා ඉතිහාසය කෙටියෙන් පහළින් දක්වන්නම්..

* C පරිගණක භාෂාව නිර්මාණය කළේ 1972 Dennis Ritchie විසින්

*C පළමුවෙන්ම භාවිතා වුනේ වැඩිවශයෙන් UNIX මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීමට.

*ඒ දවස් වල C ප්‍රචලිත වීමට තව හේතුවක් උනේ මේක සදහා ඕනෑම දෘඩාංගයක් සහය දැක්වීමයි.

* 1978 දී ප්‍රකාශ කෙරුණු Kernighan & Ritchie’s book(The C programming Language)‍මෙම භාෂාවට විශාල ප්‍රසිද්ධියක් ලැබුණා

* 1983 දී ANSI(American National Standard Committee on Computers Information Processing(X3)) ට අනුබද්ධ X3J11 තාක්ෂනික කමිටුව C භාෂාව සදහා සම්මතයක් ගොඩනැගුවා . එයට 1989 දී අනුමැතිය හිමිවුණා.(මෙම සම්මතය 1999දී නැවත අලුත් වුණා එම C භාෂා සම්මතය C99 ලෙස හැදින්වෙනවා)

මේ ලිපියෙන් කියන්නේ මවිසින් ඉදිරියට පළකරන C පරිගණක භාෂා පාඩම් මාලාව පිළිබදවයි.මීට අමතරව මා කලින් කියූ Data Structures  සදහා භාවිතා කරනුයේද මෙ‍ම භාෂාවයි.

ඊළග post එකෙන් C වල ඉතිහාසය බලමු..

පරිගණක ක්‍රමලේඛනයේදී වගේම පරිගණක පිළිබද උසස් අධ්‍යාපනයේදීත් මේ සම්බන්ධව කරුණු ඉගෙන ගන්න ලැබෙනවා.ඉතින් මට හිතුනා Data Structures පිළිබද ටිකක් ලියන්න මේක ටිකක් අමාරු වැඩක් ඒත් කොහොමහරි මම හොයාගත්ත කරුණු වලට අනුව ඉදිරියට ලිපි කිහිපයක් පල වේවි.

ඇත්තටම Twitter කියලා කියන්නේ Micro blogging concept එකක් තියෙන site එකක්.හරියට අපි Facebook වල අපේ ඔලුවේ තියෙන දේ කියනව වගේ.මේ ගැන වැඩි විස්තර ගන්න මෙතැන කොටන්න....


Twitter.com

Pages

වැඩිදෙනෙක් කියැවූ ලිපි

Followers

ගොඩවැදුනු අය....