෴වළාකුළ෴

සිංහල තොරතුරු තාක්ෂණික විකේතනය....

මා කිසිවිටෙක මෙවැනි ලිපයක් මෙහි නොලියන්නට නොසිතා සිටි මුත් මෙම මස සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව සදහා ඔවුන්ගේ නිල නිවේදනය යටින් යොදා ඇති යම් යම් අදහස් නිසා ආධුනික පරිගණක භාවිතා කරන්නන් මෙන්ම මතුවට ලංකාවේ බිහිවන ශ්‍රීලාංකික පරිගණක සමාජය උදෙසා මෙම ලිපිය නොලිය ම බැරි බැවින් ලිවීමට සිතුනෙමි.

 

එහි යොදා ඇති සමහර අදහස් නම් අතිශයින්ම ඛේදනීයය,සුහද හමුව සදහා Microsoft Sri Lanka සමාගම අනුග්‍රහය දැක්වීමේ කිසිදු වැරැද්දක් නොමැති බව මා තරයේම ප්‍රකාශ කරමි.මේ සදහා ලාංකාවේ නිදහස් හා විවෘත මෘදුකාංග මත සම්පූර්ණයෙන්ම පාහේ පදනම් වූ සමාගමක අනුග්‍රහය ලබා ගැනීමට හැකි නම් එහිද කිසිදු වැරැද්දක් නොමැති බව මා කීමට කැමතියි.

පරිගණක භාවිතා කරන්නන් ලෙස පරිගණක විද්‍යාවට මහගු මෙහෙයක් කල අය වෙත අප කෘතඥ පූර්වකව බැලීමේ අත්‍යයන්ත අවශ්‍යතාවයක් ඇති බව අප කවුරුත් පිලිගත යුතුය.ඔවුන් එවැනි විශිෂ්ඨ නිර්මාණ එදා බිහිනොකලා නම් ඔවැනි මුග්ධ මිනිසුන් අද වන විටත් පරිගණකයක් අතින් වත් අල්ලා නොතිබීමට හොදටම ඉඩ තිබෙන බව පසක් වේ.මෙවන් මිනිසුන් අතර Bill Gates,Linus Toravalds,James Gosling වැන්නවුන් සිටින බව මා මතක් කරමි.Microsoft සමාගම පරිගණක විද්‍යාව වෙනුවෙන් සිදු කරන මෙහෙය ලොව අන් කිසිදු පරිගණක සමාගමකට සම කල නොහැකි බව මාගේ හැගීමයි.ඔවුන් ව්‍යාපාරික අරමුණකින් යම් යම් දේ සිදු කරන්නේ ඔවුන්ගේ ස්ථායිතාවය පවත්වාගැනීම සදහා බව මැනැවින් පෙනී යයි.මෙලෙසම Sun Microsystems,Canonical,Oracle වැනි ප්‍රධාන පෙලේ සමාගම් ද මේ ගණයට වැටෙන බව හොදින් බැලූ කල පෙනී යයි.මොවුන් එසේ කටයුතු නොකලේ නම් ඔවුන් යටතේ සේවය කරන,ඔවුන්ගෙන් සෘජුව හා වක්‍රාකාරව යැපෙන මිනිසුන් ගේ බඩවියත රැක ගැනීමට සහය වන්නේ ඔවැනි කටමැත දොඩවන අන්තවාදීන්ගේ දෙමව්පියන් ද යන්න මා අසමි.

සුහද හමුවේ දී සිංහල යුනිකේතය පිලිබද Microsoft සමාගම කෙටි දැනුවත් කිරීමක් කරන බව ඔවුන්ගේ නිල නිවේදනයේ සදහන් ව ඇත.එය කිසිම වැරැද්දක් නොමැති බව මා කීමට කැමතියි.මන්ද ඔවුන් සත්‍ය වශයෙන්ම සිංහල යුනිකේතය දියුණු කිරීම සදහා උදව් කර තිබීමයි.ඔවුන් කරන ලද දේ ගැන ඔවුන්ට කීමට පරම අයිතියක් ඇත.මා දකින අන්දමට නිදහස් හා විවෘත මෘදුකාංගත් ,අලෙවි කරන මෘදුකාංගත් එකම කාසියක දෙපැත්තයි.මේ ආකාරයට දර්ශන දෙකක් ඔස්සේ මෘදුකාංග තරගය බිහිවී තිබීමෙන් සිදුවන්නේ වෙන කිසිවක් නොව ඇතිවන තරගය නිසා පරිගණක විද්‍යාවට මහගු මෙහෙයක් සිදු වීමයි.ලංකාවට විවෘත මෘදුකාංග මත යැපීමට යෑම නව ලොවට,නව තාක්ශනයන්ට රටේ මතු පරපුරට විවර වීමේ (Exposure)අඩකඩත් වඩා අඩුවන බව විවෘත මනසකින් බලන ඕනෑම අයෙකුට පෙනෙන සත්‍යයකි.

මා සිතන්නේ විවෘත මෘදුකාංගත් ,අලෙවි කරන මෘදුකාංගත් ගෙන ඒවායෙන් කල හැකි දේ ත් ගත හැකි දේත් ගෙන රටේ දියුණුව උදෙසා වැඩ කීරීම සුදුසුම ක්‍රියාවලිය බවයි.

 

වැදගත්:-මෙය කිසිම සමාගමක් වෙනුවෙන් කඩේ යාමක් නොවන බවත් මැදහත් ව බලන අය උදෙසාත් ඔවුන්ගේ අදහස තවදුරටත් සහතික කිරීම සදහා පල කරන ලද ලිපියක් බවත් සලකන්න

ගොඩකාගෙකට පස්සේ උනත් සිංහල බ්ලොග් ලිපියක් ලියන්නේ ගොඩක් ආසාවෙන් :D. අද නම් ඉතින් Technical දේවල් ගැන නෙවෙයි ලියන්නේ . ලංකාවේ බිහිවුණු සිංහල බ්ලොග් සංස්කෘතිය ගැන. වසර කිහිපයකට කලින් ආරම්භ වුණු මෙම සංස්කෘතියේ මේ වන විට විශාල සංවර්ධනයක් මෙන්ම විවිධාකාර උපසංස්කෘතීන් ද ඇතිවී තිබෙනවා.කොහොම උනත් සිංහල යුනිකේතයේ සංවර්ධනයත් සමග බ්ලොග් කරුවන් පමණක් නොවෙයි සින්ඩිකේටර පවා බහුල වශයෙන් බිහිවී තිබෙනවා .කවුරු කොහොම කීවත් මෙම සංවර්ධනය මා දකින්නේ ඉතා හොද දෙයක් බව, මන්ද මෙමගින් අන්තර්ජාලය තුල සිංහල අන්තර්ගතය වැඩි වීම අප නොදැනීම සිදු වීමයි.
අප දැන් කළ යුතුව තිබෙන්නේ මෙම බ්ලොග් ලිපි වල ගුණාත්මක භාවය වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමය.මෙහිදී සදහන් කළ යුතු තවත් දෙයක් ඇත, එයට පුරෝගාමී වෙමින් සිංහල බස හැසිරවීම පිළිබද පමණක් නොව ඉංගිරිසී බස හසුරවන අයුරු ගැනත් වෙනම බ්ලොග් පලවී හමාරය.

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය කියල කියන්නෙත් මේ සංවර්ධනය වෙනුවෙන් අති විශාල කැප කිරීමක් කරපු සංසදයක්.එය ලාංකික සියලු බ්ලොග්කරුවන් අවිවාදයෙන් පිළිගත යුතු සත්‍යයක් බවයි මගේ හැගීම.ඔවුන් දෙවන වරටත් සංවිධානය කරන සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා එයත් පුරෝගාමී වූ සංසදය ලෙස කෙරෙන ආදර්ශමත් ක්‍රියාවක් ලෙසයි මා දකින්නේ.

අදට ඔය ඇති කියල හිතෙනවා.ආයෙත් ලිපියකින් හමුවෙනකන් හැමෝටම සදා ජය!

info2010 ලංකාවේ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශණ මේ වන තෙක් ඉතා සුලබ සිද්ධීන් නොවුනත් දස වසරක් තිස්සේ පවත්වන INFOTEL තොරතුරු තාක්ෂනික ප්‍රදර්ශනය සැබැවින්ම ලාංකික තොරතුරු තාක්ෂණ ප්‍රජාවට ආශිර්වාදයක් වන බව නම් අවිවාදයෙන් පිලිගත යුතුය.මීට වසර 4 කට 5 කට පෙර මා මෙය නරඹන්නෙකු ලෙස සහභාගී වූ හැටි අදටත් මතකය.නමුත් මෙවර මම එහි Exhibitor කෙනෙකු ලෙස සිටීම දෛවෝපගත සිද්ධියක් යැයි මට සිතේ.

මෙවර පරිගණක ක්‍රීඩා සදහා පිරිසගේ වැඩි උනන්දුවක් පැවති බව නම් කිව යුතුය,ඊට අමතරව ICTA,UCSC ප්‍රදර්ශන කුටි ද ප්‍රෙක්ෂක අවධානය දිනා ගත් කුටි අතර තිබුණි.මීට අමතරව මා සිටි කුටියද සෑම විටම පාහේ විශාල සෙනගකින් පිරී පැවතිණ.මීට සමගාමීව විවිධ දේශන ද පැවතිණ'. ඒ අතර මා සිත් ගත් දෙයක් වූයේ LIVE Hacking Demo of a Wirless Network ය .කෙසේ වූවත් මීලග ප්‍රදර්ශණ වාරය අති සාර්තක ලෙස පැවත්වීමට සංවිධාන කමිටුවට හැකියාව ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි.

මේ සම්බන්දව වැඩි විස්තර මීට කලින් Post එකේ තිබ්බ හින්ද ලියාපදිංචි වීමේ විස්තර ගැන තමයි දැන් කියන්න යන්නේ.පහත යොමුවෙන් මේ සදහා ඔබට ලියාපදිංචි විය හැක.

 

http://www.champs.lk/sync/

ලංකාවේ තොරතුරු තාක්ශණ අංශයේ තිබූ විශාල හිඩැසක් වූයේ ලාංකීය උසස් අධ්‍යාපන ආයතන වල සිටින තොරතුරු තාක්ශනික අංශයන් පිළිබද උනන්දුවක් දක්වන දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම කුසලතා හා හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්තා බහුල නොවීමය.මේ නිසා බහුතර තොරතුරු තාක්ශණ උපාධිධාරීන් සරසවියෙන් ඉවත් වූ විගසම රැකියා ලෝකයේ අතරමං වීමේ අවධානමක් මේ වන විට වර්ධනය වෙමින් පවතී.මෙයට එකම විසදුම නම් අධ්‍යාපනය ලබන අතරම ශිෂ්‍ය ශිෂ්‍යාවන් කර්මාන්ත ලෝකය මෙන්ම අනෙකුත් සරසවි වල සිටින උනන්දුවක් දක්වන සිසුන් සමග එකතුව තමාගේ කුසලතා වර්ධනය කර ගැනීමය.39224_421115522434_503907434_4649536_1280945_n
ලොව ප්‍රමුඛතම තොරතුරු තාක්ශන සමාගමක් වන මයික්‍රොසොෆ්ට් සමාගමේ ශ්‍රී ලංකා ශාඛාව විසින් අනුග්‍රාහකත්වය දරමින් පවත්වන වැඩසටහනකි Microsoft Student Champs.වැඩසටහනට සම්බන්ධ වීමට අවශ්‍ය සිසුන් සදහා හදුන්වා දීමේ වැඩසටහනක් මෙම මස 17(September) වන දින BMICH හිදී ප.ව 3.30 සිට පැවැත්වීමට නියමිත අතර මෙම වැඩසටහන SYNC 2010 ලෙස නම්කර තිබේ .උනනදුවක් දක්වන සියලු දෙනා වැඩිදුර විස්තර සදහා අප වෙත E-mail කරන්න. සියලු දෙනාට ආරාධනා!!!

මේ මම මගේ පරණ දෘඩ තැටියක ගොනු පිරික්සමින් ඉන්නකොට හම්බ වුණ මම නිර්මාණය කරපු මෘදුකාංගයක්.මේක හදල නම් අවු 4 ක් විතර ඇති.:D

මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ත්‍රිකෝණමිතය හදාරණ උදවියට කට්ටිය පාවිච්චි කරල විස්තර කියන්නකෝ

මෙතනින් බාගන්න

Capture

මේ ගැන ලියන්න හිතුනේ අද ඊයේ නම් නෙවෙයි ,නමුත් උඩින් පල්ලෙන් ලියනවට වඩා AI ගැන හොද විස්තරයකුත් එක්ක මම හොද post එකක් ඉස්සරහට publish කරනවා.

‍එහි ,
AI(Artificial Intelligence )යනු කුමක්ද?
AI ==කෘතිම බුද්ධියද?
AI වල වත්මන් බාවිතයන්
AI ආශ්‍රිත මෘදුකාංග සංවර්ධනයන් ලාංකිකයන් ලෙසට  අපට ගත හැකි ප්‍රතිලාභ ගැනත් සාක්ච්ඡා කරන්න බලාපොරෝත්තු වෙනවා.

ප.ලි - මීට එකතු විය යුතු කරුණු තිබේ නම් comment එකක් දමා යන්න :D

මේ ගැන ලියන්න හිතුනේ ගිය සතියේ මගේ මිතුරෙකුට ඔවුන්ගේ සරසවියේ ප්‍රදර්ශනයකට torrent ගැන presentation එකක් හදලා දෙන්න සිදුවුනු හින්ද.ඉතින් මට හිතුනා මේ ගැන වඩා පැහැදිලි විස්තරයක් වළාකුළේ ලිව්වොත් හොදයි කියල.

වැඩිදුර විස්තර සදහා නව Blog ලිපිනය බලන්න

මීට වසර 20 කට කලින් මිචිගන් සරසවියේ Phd උපාධිය හදාරමින් සිටි Thomas Knoll හට ඔහුගේ සහෝදරයා වුණු John Knoll ගේ සහයෝගය ඇතිව එවකට ජායාරූප සංස්කරණය අසීරු යුගයක මෙම මෘදුකාංගය ලොවට හදුන්වා දීමට හැකිවුණා.


මේ වන විට ලොව වෙළද ප්‍රචාරණ ආයතන මුලුමනින්ම ආක්‍රමණය කර ඇති මෙ‍ම විශිෂ්ඨ මෘදුකාංගය මේ වන විටත් නවතම අංගෝපාංග වලින් සමන්විතව ඉදිරියටත් photoshop ලෝලීනට සමීප වන බවට කිසිදු සැකයක් නැහැ!

සාමාන්‍යයෙන් ජාල ගත පරිගණක එකිනෙක හුවමාරු කරගන්නේ ඒවායේ දත්ත පමණක් වුවද මෙම තාක්ෂනයේදී එක් එක් පරිගණක වල සම්පත්ද(Resources)එකිනෙකා අතර හුවමාරු
කෙරෙනවා.

කුමක් සදහාද?

අති විශාල ගණනය කිරීම් වඩාත් ඉක්මනින් හා කාර්‍ය්ක්ෂමව කර ගැනීම උදෙසා.


භාවිතා කැරෙන අංශ මොනවාද?

මෙය විවිධාකාර අංශ වල භාවිතා වූවද ප්‍රධාන අංශ 3 ක් යටතේ වර්ගීකරණය කළ හැකියි.

-Enterprise Grids(ව්‍යාපාර ආයතන වල භාවිතා කරන ජාල)
-Public Resource Grids (ස්වේච්චා පුද්ගලයින් ගේ දායකත්වයෙන් ලත් පුද්ගල පරිගණක වලින් සැදුම් ලත් ජාල)
-Scientific Grids (විද්‍යාත්මක කටයුතු සදහා භාවිතා කරන ජාල)

Grid එකක් වැඩ කරන්නේ කොහොමද?

මේ සදහා පරිගණක වලට අමතරව විශේෂ මෘදුකාංගද අවශ්‍ය වෙනවා.මෙයින් ප්‍රධානම මෘදුකාංගය වනුයේ එක් එක් පරිගණක අතර අතරමැදියෙකු ලෙස ක්‍රියාකරන මෘදුකාංගයයි(මෙය middleware ලෙස හදුන්වනවා)
මෙම මෘදුකාංගය මගින් ගණනයට අවශ්‍ය දත්ත හා ඒ සදහා අවශ්‍ය සම්පත් ප්‍රමාණය සොයාගනු ලබනවා.එපමණක් නොව මෙමගින් එම දත්ත වල ආරක්ෂාව ,පිරික්සුම ආදී අනෙකුත් කරුණු වලටද දායකත්වය සපයනු ලබනවා
එක් එක් පරිගණක මගින් ගණනය කරන තොරතුරු ඇසුරෙන් අවසාන ප්‍රතිපලය සැකසෙනවා.

ප්‍රචලිත උදාහරණ මොනවාද?

-මේ වන විට ප්‍රමුඛතම වෙබ් සෙවුම වන Google භාවිතා කරනුයේ ඉහත තාක්ෂණයයි
-LHC(Large Hedron Collider) ලොව විශාලතම අංශු ඝට්ටකය ඇසුරෙන් ‍කෙරෙන ගණනය කීරීම් වලට මෙම තාක්ෂණය යොදා ගනු ලබනවා
-මීට අමතරව විවිධ රෝග සදහා ‍‍ප්‍රතිකාර ( AIDS,SARS) සොයාගැනීමට
-නිනිති තාක්ෂණික(Nano Technology) කටයුතු සදහා

මේ කථාව පටන් ගන්න වෙන්නේ මගේ පුද්ගල පරිගණකයේ මව් පුවරුව නොසිතූ විරූ වේලාවක දැවී යාමේ සිටයි.ඒ මම අපේ Presentation Slides වල අවසන් වැඩ කටයුතු කරන්න ගත් වේලාවේ දී හිටිවනම පරිගණකය restart වී කිසිවක් monitor යේ නොපෙනෙන තත්වයකට පත්වීමත් සමගයි. අවසන මා හට නිගමනය කිරීමට සිදුවුනේ මගේ මව් පුවරුව දැවී ගොස් ඇති බවයි.

දැන් කුමක් කරන්නද මව් පුවරුව Dustbin ගත කරනු හැර :(

එතකොට මගේ presentation slides,බාගෙට ලියල තියපු software,website ආදී සකලවිධ දත්ත ගබඩාවම මට භාවිතා කරන්න වෙන්නේ නෑ.ඔහොම කල්පනා කරනකොට මට මතක් උනා මම සිහිවටනයක් විදියට තියාගෙන හිටපු   මගේ පරණ P III 500Mhz පරිගණකය!

ඒකේ casin එක ගලවල දූවිලි එහෙම පිහිදල RAM chip  එක reseat කරල එහෙම පණ ගැන්වුවා,මෙන්න වැඩ :) win98 දාන්න හැදුවත් ඒකට මගේ NTFS partion හදුන ගන්න බැරි උනා , අනිත් අතට මගේ එක් partion එකක් වත් හිස් කරන්න විදිහක් තිබ්බෙ නෑ ඒ හින්දා win98 ස්ථාපනය කරන වැඩේ මට අත හරින්න සිදු උනා.

ඊට පස්සෙ ඔලුවට ආවේ linux version එකකින් වැඩේ ගොඩදාගන්න.පහුගිය අවුරුද්දකට හමාරකට විතර එහා මට Linux වල variation හොයන්න මාර උණක් තිබ්බා ඒ දවස්වල

UBUNTU,KUBUNTU,XUBUNTU,EDUBUNU විතරක් නෙවෙයි FREESPIRE,G-OS,MANDRIVA,FEDORA,ආදි නොයෙක් LINUX සංස්කරණ අත්හදා බැලුවා.

පළමුවෙන්ම කලේ මං ගාව තිබ්බ පරණම UBUNTU LIVE(5,04) CD එක මගේ පරණ පරිගණකය සමග ක්‍රියාත්මක කිරීමයි.RAM මදි හින්ද (64 MB) ඒ වැඩේ හරිගියේ නෑ.XUBUNTU version එකක් මම අත්හදා බලා තිබුණත් ඒක write කරල තිබ්බ Disk එක මට හොයාගන්න බැරි උනා.ඔය අතරේ මට මතක් උනා මම ඒ දවස් වල ‍මටම බැනගත්ත වැඩක් ගැන,ඒ ඉතාම කුඩා Linux variation එකක් write කරල මුලු CD එකක් නාස්ති කර ගත්ත කියන එක!

ගත්තා මුලු CD set එකම ,අරගෙන යාන්තම් අර කියන CD එක හොයාගත්තා .මට මතක  තිබ්බේ Damn Small Linux මම write කරල තිබ්බා කියල,ඒ උනත් දාලා boot කරද්දී බලද්දී තිබ්බේ මේ puppy linux කියන සංස්කරණය මගේ වෙලාවට ඒක හොදට මගේ පරණ පරිගණකය සමග ඉතා හොදින් ක්‍රියාකරා.ඒක මගේ 64 Ram එකෙන් භාවිතයට ගත්තේ 27Mb විතරයි ඒ විතරක් යැ මගේ සියලු partion ඔක්කොම mount කරගන්නත් පුලුවන් උනා.යාන්තන් වැඩේ ගොඩ දාගත්තා puppylinux හින්දා. මෙවැනි මෙහෙයුම් පද්ධති මේ වගේ හදිසි ආපදාවල් වලදි පිහිට වෙන බව මට පසක් උනේ මේ වැඩෙන් පස්සේ තමයි!

ප.ලි – මීට අමතරව Damn Small Linux ,Xubuntu ,හන්තාන linux වගේ පද්ධතියක් ද යොදාගත හැකිය.හැබැයි තාමත් මට අලුත් මව් පුවරුවක් ගන්න ප්‍රතිපාදන හොයාගන්න බැරිඋනා!


GOOGLE සමාගම සිය නවතම ජංගම දුරකථනය නිකුත් කර තිබෙනවා මෙය NEXUS ONE ලෙස හදුන්වා ඇති අතර මෙමගින් Apple Iphone වෙළදපොළට තරගයක් ලබා දීමට සමාගම කටයුතු කරන බව පෙනී යනවා.මෙය නිෂ්පාදන‍ය කර ඇත්තේ ප්‍රමුඛ පෙළේ Smartphone නිපදවන සමාගමක් වන HTC සමාගම මගිනුයි.
 මෙහි ගුණාංග සමහරක්

Android මෙහෙයුම් පද්ධතිය භාවිතා කරයි
විශේෂයෙන් ත්‍රිමාණ කටයුතු සදහා විශේෂයෙන් සකසා ඇත.

වැඩි විස්තර මෙතන තියෙන සබැදියෙන් බලන්නකෝ

Pages

වැඩිදෙනෙක් කියැවූ ලිපි

Followers

ගොඩවැදුනු අය....