ගොඩකාගෙකට පස්සේ උනත් සිංහල බ්ලොග් ලිපියක් ලියන්නේ ගොඩක් ආසාවෙන් :D. අද නම් ඉතින් Technical දේවල් ගැන නෙවෙයි ලියන්නේ . ලංකාවේ බිහිවුණු සිංහල බ්ලොග් සංස්කෘතිය ගැන. වසර කිහිපයකට කලින් ආරම්භ වුණු මෙම සංස්කෘතියේ මේ වන විට විශාල සංවර්ධනයක් මෙන්ම විවිධාකාර උපසංස්කෘතීන් ද ඇතිවී තිබෙනවා.කොහොම උනත් සිංහල යුනිකේතයේ සංවර්ධනයත් සමග බ්ලොග් කරුවන් පමණක් නොවෙයි සින්ඩිකේටර පවා බහුල වශයෙන් බිහිවී තිබෙනවා .කවුරු කොහොම කීවත් මෙම සංවර්ධනය මා දකින්නේ ඉතා හොද දෙයක් බව, මන්ද මෙමගින් අන්තර්ජාලය තුල සිංහල අන්තර්ගතය වැඩි වීම අප නොදැනීම සිදු වීමයි.
අප දැන් කළ යුතුව තිබෙන්නේ මෙම බ්ලොග් ලිපි වල ගුණාත්මක භාවය වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමය.මෙහිදී සදහන් කළ යුතු තවත් දෙයක් ඇත, එයට පුරෝගාමී වෙමින් සිංහල බස හැසිරවීම පිළිබද පමණක් නොව ඉංගිරිසී බස හසුරවන අයුරු ගැනත් වෙනම බ්ලොග් පලවී හමාරය.
අදට ඔය ඇති කියල හිතෙනවා.ආයෙත් ලිපියකින් හමුවෙනකන් හැමෝටම සදා ජය!