සෑහෙන කාලෙක ඉදන් මේ ලිපිය ලියන්න හිතුවත් මේ වගේ ටිකක් දිග ලිපියක් ලියන්න කාලය හොයාගන්න මට අමාරු උනා. ලිපිය ලියන්න ගොඩක්ම හේතු වුනේ ගොඩක් කට්ටිය තමන්ගේ ජංගම දුරකථන වල බැටරිය පවත්වා ගන්න අයුරු නිසි ලෙස නොදැන සිටීමයි.අනිත් කාරණය තමයි ගොඩක් දෙනා අතර තියෙන මිථ්‍යා මත මේ බැටරි භාවිතය සම්බන්ධයෙන්….
සාමාන්‍යෙයන් ජංගම විද්‍යුත් උපකරණ වල බහුලව යොදාගන්නේ NiCad එහෙමත් නැත්නම් “නිකල් කැඩ්මියම්“ හෝ Li-ion “ලිතියම් අයන්“ කියන බැටරි විශේෂ දෙක (මෙයිනුත් NiCad දැන් අලුත් උපකරණ වල ඉතා අවම මට්ටමින් භාවිතා වෙනවා).
දැන් බලමු මොනාද මේ NiCad හා Li-ion කියන ඒවගේ වෙනස කියලා
Nickel Cadmium බැටරි
1899 දී Waldmar Jungner කියන Sweden ජාතික ඉංජිනේරුවා විසින් මෙම බැටරි සංකල්පය සොයාගන්නා ලදී. ඒ කාලේ තිබ්බ Lead Acid බැටරි වලට හොද ආදේශකයක් ලෙස මෙය එකල භාවිතා නොවුනේ මේ සදහා යන වියදම අධික වූ බැවින්. 1932 දී මේ සම්බන්ධව සැලකිය යුතු මට්ටමේ දියුණු වීමක් සිදු උනද බැටරිය නැවත ආරෝපණය කිරීමේ දී පිටවන වායූන් අවශොෂනය කරන ක්‍රමය සොයාගැනුනේ 1947 දී . දැන් ඔබ වෙළද පොලේ දකින මුද්‍රා සහිත Ni Cad බැටරිය එම පර්යේෂන වල ප්‍රතිඵලයක්.
නිකල් කැඩ්මියම් බැටරි වලට වැඩිය කරුණු දක්වන්නේ නැතුව මෙම විශේෂයේ වාසි හා අවාසි සැකෙවින් පහත දක්වන්නම්….
වාසි | -
සරළ ක්‍රමයක් භාවිතයෙන් ආරෝපණය කිරීමේ හැකියාව. -
ඉතා වැඩි ආරෝපණ ප්‍රමාණයක් සදහා ඔරොත්තු දීම(නියමිත ලෙස බැටරිය නඩත්තු කරන්නේ නම් 1000 වාරයක් පමණ) -
බැටරිය විසර්ජිත අවස්ථාවෙන් ගබඩා කල හැකි වීම. -
අඩු උෂ්නත්ව පරිසරයන්හිදී අනෙක් වර්ග වලට වඩා හොදින් ක්‍රියාත්මක වීම. -
දැරිය හැකි මට්ටමක මිලක් පැවතීම. |
අවාසි | - සාපේක්ෂව අඩු බලයක් අඩංගු වීම.
- බැටරියේ මතක මට්ටම් සටහන් වීම( Memory Effect – බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය කිරිමේ අවශ්‍යතාව. එසේ නොවුණහොත් බැටරිය අවම මට්ටම වෙනුවට ඊට ඉහලින් ඇති මට්ටමක් අවම මට්ටම ලෙස බැටරිය සලකනු ලබනවා. එවිට බැටරියේ ජීව කාලය අඩු වෙනවා)
- පරිසර දූෂිත කොටස් අඩංගු වීම( කැඩ්මියම් විෂ සහිත මූල ද්‍රව්‍යයකි)
- ඉබේ විසර්ජනය වීමේ හැකියාව ඉතා අධිකය
|
Ni Cad බැටරියක ඇතුල් කොටස් (මූලාශ්‍ර – Wikipedia)
මෙහි සදහන් Memory Effect ගැන වැඩිදුර කරුණු අවශ්‍ය අයට පහත සබැදියෙන් ඒ පිළිබදව තව දුරටත් අධ්‍යයනය කල හැක.
Memory Effect
සටහන-මීට අමතරව NiMH (Nickel Metal Hydride ) කියන බැටරි වර්ගයක් තියෙනව ගොඩක් පෝටබල් Device වල භාවිතා වන ඒ කරුණු අවශ්‍ය අය මේ සබැදියෙන් අධ්‍යයනය කරන්න.
Li-ion බැටරි
මේ බැටරි වර්ගය ගැන මම ටිකක් වැඩි පුර විස්තර කරනවා මොකද මේ වර්ගය මේ වන විට බහුලව ම භාවිතා වෙන බැටරි වර්ගයක් වෙන හින්දා.
1970 ගණන් වල M.Stanley Whittingham කියන රසායන විද්‍යාඥයා මේ සම්බන්ධ කරුණු මුල් වරට ලෝකයට හෙළි කරනු ලබනවා.(අදටත් එතුමා Binghamton University. සරසවියේ මහාචාර්යවරයෙක් ලෙස සේවය කරනවා)
Li ion බැටරිය වැඩ කරන විදිහ සරල විදිහට කිව්වොත් බැටරිය විසර්ජනය වන විට Lithium අයන ඍණ ඉලෙක්‍ටේර්ඩයේ සිට ධණ ඉලෙක්‍ෙට්‍රා්ඩය වෙත ගමන් කරනවා.
Li –ion බැටරියක හරස්කඩ(මූලාශ්‍ර – HowstuffWorks)
බැටරියේ අයන ගමන් කරන විදිහ (විසර්ජනයේදී හා ආරෝපණයේදි ) පහත රූප සටහන් වලින් පැහැදිලි වෙයි කියල හිතනවා.
ඉහත රූප සටහන් වල පෙනෙන ආකාරයට Li – ion බැටරියක් විසර්ජනය හා ආරෝපණය සිදු වෙනවා. මෙහිදී මතක තියා ගත යුතු කරුණක් තමයි අනෙත් වර්ග වලට වඩා මෙහි එක් Cell එකක ඉහළ වෝල්ටීයතාවයක් රැදී තිබීම. අනෙත් කාරණය OverCharging වලට මෙම බැටරි කිසි සේත්ම ඔරොත්තු දෙන්නේ නෑ . එයින් වැළකීම සදහා විශේෂ පිළිවෙත් මෙහි අඩංගු වෙනවා.
ගොඩක් Li –ion බැටරි වල එක් Cell එකක 4.20 V වෝල්ටීයතාවයක් අඩංගු වෙනවා.
පහත සටහනින් මෙහි ආරෝපණ ක්‍රියාවලිය ගැන තව දුරටත් අවබෝධයක් ගත හැකියි.
සමාන්‍යයෙන් බැටරියක් සම්පුරණයෙන්ම ආරෝපණය වීමට පැය 3-4 කාලයක් ගන්නවා. නමුත් බැටරිය සම්පූර්යෙන්ම ආරෝපණය කිරීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. මන්ද ඉහත සදහන් කල පරිදි ඉහල වෝල්ටීයතාවයන් බැටරියේ ආයු කාලය අඩු කිරීමට බලපාන බැවින්, නමුත් මෙහි ඇති අනෙත් ප්‍රශ්නය වන්නේ බැටරිය යොදා ඇති උපකරණයේ ධාවන කාලය(Run Time) අවම වීමයි.
ඉහත සටහනේ දක්වන ලද ආකාරයට පළමු අදියර (Stage 1 ) ට වඩා සැලකිය යුතු මට්ටමේ කාලයක් Stage 2 එනම් බැටරිය සංතෘප්ත වීමට ගත වෙනවා ( මේ නිසා තමයි ජංගම දුරකථන බැටරියක අවම මට්ටමේ සිට සැලකිය යුතු මට්ටමක් දක්වා ඉතා ඉක්මනින් ආරෝපණය වෙන්නේත් Full Charge වීමට ඊට වඩා වැඩි කාලයක් ගත වෙන්නේත් )
මේ සටහනින් තවත් ඔය කතාව පැහිදිලි කර ගන්න පුලුවන්.
ජංගම දුරකථන බැටරියක් නම් සම විටම එය Power Off කර ආරෝපණය කරන තරමට බැටරියේ ආයු කාලය රැකෙනවා. එයට හේතුව ආරෝපණ චක්‍රය විකෘති වීම වලක්වා ගැනීමයි(Parasitic Load)
කිසිම විටෙක Li-ion බැටරි සම්පූර්ණයෙන් විසර්ජනය වීමට ඉඩ හරින්න එපා (මේ සදහා Built in උපාංග බැටරි තුල මේ වන විට අඩංගු වෙනවා) මෙයට එක් හේතුවක් ලෙස දැක්විය හැක්කේ බැටරිෙය් ඇති Cell අස්ථායි වීමයි අලුතින් නිපදවූ බැටරි පවා නිෂ්පාදකයා එවන්නේ 40% පමණ ආරෝපණයෙන් පසුව වන්නේ ඒ නිසයි.
දේහලීය අගය(Threshold Value)
Li Ion බැටරි වල දේහලීය අගයන් දෙකක් අඩංගු වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් බැටරිය 100% නම් එයින් ආරෝපණය වන්නේ 90% විතරයි.(මේ Over charge වීම වලක්වා ලීමට සෑදූ උපක්‍රමයකි) ඒ වගේම Discharge වෙන කොට 10% වෙනකොට බැටරිය ක්‍රියා විරහිත වෙනවා . ඉතුරු 10% වැඩ කරන්නේ දුරකථන වල ඔරලෝසුව ආදී දේ ට බලය සැපයීමට හා සම්පූර්ණයෙන්ම Discharge වී බැටරිය අකරමන්‍ය වීම වැලකීමට.
නිතර ආරෝපණය(Subsequent Charging)
Li –ion බැටරියක් ආරෝපණයේදී පෙර සදහන් කල පරිදි සැම විටම 70 % මට්ටමේ වත් බැටරියේ ආරෝපණ මට්ටම පවත්වා ගැනීම සුදුසු වෙනවා (100 % පවත්වා ගැනීම බැටරියේ ආයු කාලය අඩු කරනු ලබනවා මෙන්ම Cell වලට හානි වීමේ සම්භාවිතාව ඉහල දමනු ලබනවා)
දිගින් දිගට මෙසේ අරෝපණයේදී බැටරියේ සත්‍ය මට්ටම වෙනස් විය හැකි බැවින් දින 20 කට සැරයක් බැටරිය 0% – 100% තෙක් ආරෝපණය කිරීම සුදුසු වනවා.
ගබඩා කිරීම(Storage)
ඔබ බැටරිය භාවිතා කරන්නේ නැත්නම් බැටරිය ගලවා සිසිල් වියලි තැනක අසුරා තබන්න. 40% – 50 % අතර ආරෝපණ මට්ටම තබන්න. දින 40% කට වරක් නැවත එලෙස ආරෝපණය කරන්න.
සාරාංශය
-
බැටරිය Overcharge නොකරන්න.
-
බැටරිය සම්පූර්ණයෙන් විසර්ජනය කිරීමට ඉඩ හරින්න එපා
-
හැකි සෑම විටම බැටරියේ ආරෝපණ මට්ටම 70% මට්ටමේ තබා ගන්න.
-
අනුමත ආරෝපක(Chargers ) පමණක් භාවිතා කරන්න.